ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අය හැර අනිකුත් පුද්ගලයන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අවධානය යොමුවී ඇතැයි එම කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.
අත්අඩංගුවට පත් සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතු බවත් එසේ චෝදනා නොමැති අය නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් ඔහු සඳහන් කළේය.
සුළු අවි හෝ වෙනත් ආයුධ ඇති අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගත් ඇතැම් අය සාමාන්‍ය නීතිය යටතේ රඳවා ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. ත්‍රස්තවාදයට සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ නැති පිරිසට සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කොට නිසි පරිදි නීතිය පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් කරන බව ඔහු පැවසීය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වය ඇතුළු නියෝජිතයන් පසුගියදා එම කොංග්‍රස් මූලස්ථානයේ රැස්වී සාකච්ඡා කර තිබේ. ත්‍රස්තවාදයට සෘජුව හෝ වක්‍රානුකූලව සම්බන්ධ නැති සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කරන ලෙසත්, ඒ අනුව නීතියේ ආධිපත්‍ය යටතේ මහේස්ත්‍රාත්වරයා, පොලිසිය ඒ ඒ අවස්ථාවල අදාළ අවස්ථානුකූල කරුණු මත ඇප දෙන්නේද?, නොදෙන්නේ ද? යන්න තීරණය කෙරෙන බවද ඔහු කීය.
එසේ නැතිව මෙය දේශපාලන ක්‍රියාවක් නොවන බවත් අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුනට සාධාරණය ඉටුකිරීම සඳහා කරන ක්‍රියාවක් බවද නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න