IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


හෙක්ටයාර 16,000ක එළවළු හා පලතුරු වගාව විනාශයි

ඉන්දික හේවාවිතාරණ
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි, ගෝවා, මාලු‍ මිරිස්, වම්බටු, කරවිල, වැටකොලු‍, තක්කාලි, පතෝල හා වට්ටක්කා යනාදී වගාවන්ට විශාල වශයෙන් හානි සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.

කෙසෙල්, කොමඩු සහ ගස් ලබු ඇතුළු පලතුරු වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුව ඇතත් මෙම කිසිදු වගාවකට රජයේ වන්දි මුදල් නොලැබෙන බව හෙතෙම පැවසීය.
රජයේ වන්දි මුදල් හිමිවන්නේ වී හා මිරිස් ඇතුළු භෝග වගා හයකට පමණක් නිසා රට තුළ වැඩි වශයෙන් වගා කරන එළවළු හා පලතුරු වගා සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන ලෙස වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳහන් කළේය. 
මෙවර සිදුව තිබෙන හානි සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන  වන්දි ලබා දීමේ නව ක්‍රමයක් සකස් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පැවසීය.
දැනට රජය විසින් වන්දි ලබා දෙන භෝග වර්ග හයට අදාළ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා සිටියේය. අදාළ භෝගවලට ලබා දෙන වන්දි මුදල තීරණය කර තිබෙන්නේ  මීට වසර හතකට පමණ පෙරය. මේ වන විට වගා සඳහා පිරිවැය තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.මෙවර වගාකන්නයේදී ආසන්න වශයෙන් හෙක්ටයාර 56,000කට ආසන්න ප්‍රමාණයක එළවළු හා පලතුරු වගා කර තිබෙන අතර ඉන් හෙක්ටයාර් දහසය දහසක පමණ ප්‍රමාණයකට හනි සිදුව තිබෙන බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

හෙක්ටයාර 16,000ක එළවළු හා පලතුරු වගාව විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site