IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝහල් වැඩ අඩාළයි

  •  වැඩිම හිඟය  නිර්වින්දන අංශයේ 
  • රට හැර යන්නන් '' බ්ලැක්  ලිස්ට් '' කිරීමත් නැවතිලා 

සුජිත් හේවාජුලිගේ


රජයේ රෝහල්වල අංශ නවයක විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි  හිඟය හේතුවෙන් එම අංශවල ප්‍රතිකාර සේවා කටයුතුවලට බරපතළ  බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිම හිඟය පවතින්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ බව එම ආරංචි මාර්ග පවසයි.  

එසේම ප්ලාස්ටික් ශල්‍ය කර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේද බරපතළ හිඟයක් පවතී.

මෙයට අමතරව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේද රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේද නව ජන්ම අංශ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරන්ගේද ස්නායු  විශේෂඥ වෛද්‍යවරුන්ගේද හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් පමණ සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 2150ක් පමණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් දහස් ගණනක් රට අතහැර විදේශයන්ට ගොස් සිටින අතර ඉන් වැඩි පිරිසක් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් බව දැනගන්නට ඇත.

මේ අතර  රට අතහැර  යන වෛද්‍යවරුන්  අසාදු ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළ  කාලයක සිට අඩපණව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. විගණන අංශ වසර ගණනාවක් තිස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නද මෙතෙක් එය සිදුවී නොමැති බව පැවසේ.

එසේම වෛද්‍ය සභාව එම වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කරන්නේ නම් මෙලෙස රට හැර යෑම වැළැක්විය හැකි බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දෙති.

විශේෂඥ වෛද්‍යවරයෙකු බිහිකිරීමට රජය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වැය කරන බව පෙන්වා දෙන සෞඛ්‍ය  අංශ වෛද්‍යවරුන් රට හැර යෑමෙන් රටට විශාල පාඩුවක් සිදුවන බවද සඳහන් කළේය.

 



අදහස් (0)

වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝහල් වැඩ අඩාළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 304 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 333 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site