අංජුල මහික වීරරත්න
මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන මුල් ඒකක කාණ්ඩයත්, හෝටල් ක්ෂේත්‍රයේත් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි ඒකකයක මිල අඩුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
විදුලි බිල සංශෝධනය ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි දී මෙම කාණ්ඩ දෙකෙහි මිල අඩුවීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ.
අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන කාණ්ඩයට ලක්ෂ 17 ක පමණ පිරිසක් ඇතුළත්ව ඇති අතර විදුලි බිල වැඩි කිරීමත් සමඟ විදුලිය භාවිත කිරීම ද යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවද මෙම සාකච්ඡාවේ දී හෙළිව තිබේ.
ඩොලරයේ අගය පහත වැටීම හා ඉන්ධන හා ගල් අඟුරු ආනයනයේ දී වැය වන පිරිවැය අඩුවීම යන කාරණා පදනම් කර ගනිමින් මෙලෙස විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීන්දු කර ඇත.
හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලට 40% ක පමණ සහනයක් හිමිවනු ඇති බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සංශෝධනයෙන් අඩු පරිභෝජනයට සහ හෝටල්වලට වාසියක්