IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ලන්ච් ෂීට් , ෂොපින් බෑග් නීතිය ක්‍රියාත්මක කරන්න

 ඉන්දික හේවාවිතාරණ
ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් නිෂ්පාදනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැන වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

රටේ විශාල පරිසර ගැටලු‍වක් නිර්මාණය වී තිබෙන නිසා  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩසටහනට  සමගාමීව අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ලේකම් අනුර හේරත් සඳහන් කළේය.
2018 වසරේ ජනවාරි 01 වැනිද‌ා සිට ක්‍රියාත්මක වන නීතියට අනුව නිෂ්පාදනය කළ හැකිවන්නේ දිරාපත්වන ලන්ච් ෂීට් පමණත් බවත්, දිරාපත් නොවන ලන්ච් ෂීට් එදිනෙන් පසු අලෙවි කළ නොහැකි බවත් ඔහු පැවසීය. දිනකට අලෙවි වන ලන්ච් ෂීට් මිලියන 15ක ප්‍රමාණයෙන්  සියයට 80කට වැඩි ප්‍රමාණයක් දිරාපත් නොවන ලන්ච් ෂීට් බවද හෙතෙම සඳහන් කළේය.
2018 වසරේ සිට ක්‍රියාත්මක වන නීතියට අනුව පොලිතින් නිෂ්පාදකයන් දිරාපත්වන ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් නිෂ්පාදන කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණන් වියදම් කර යන්ත්‍ර සකස් කර ගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බවද ඔහු පැවසීය. දිරාපත් නොවන ලන්ච් ෂීට් හා පරිසරයට දැඩි ලෙස හානි කර ෂොපින් බෑග් දිගින් දිගටම අඩු මුදලකට වෙළෙඳ පොළේ අලෙවි කිරීම නිසා පරිසර හිතකාමී නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකි වන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ නිසා පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන බවත් අද වනවිට දෛනිකව පරිසරයට එකතුවන ලන්ච් ෂීට්වලින්  සියයට අසුවකට වැඩි ප්‍රමාණයක් දිරාපත් නොවන ඒවා බවත් ඔහු පවසා සිටියේය.
ඉඳුල් සමග ලන්ච් ෂීට් මුදාහරින නිසා ඉවත ලන එකදු ලන්ච් ෂීට් එකක්වත් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වුවත් ෂොපින් බෑග්වලින් සියයට විස්සකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන බවද හෙතෙම පවසා සිටියේය.  දිනකට ෂොපින් බෑග් මිලියන විස්සකට ආසන්න ප්‍රමාණයක්  අලෙවි කිරීම අනුව ඒවායින්  සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් පරිසරයට එක්වන බවත් ඒවා දිරාපත් නොවන බවත් ඔහු සඳහන් කළේය.
ඉවතලන ෂොපින් බෑග් සියල්ලම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව ව්‍යපාරිකයන්ට ඇතත් අදාළ ද්‍රව්‍ය එකතු කර ලබා දෙන නිසි ක්‍රමවේදයක් රටේ නොමැති බවද අනුර හේරත් සඳහන් කළේය.

 



අදහස් (0)

ලන්ච් ෂීට් , ෂොපින් බෑග් නීතිය ක්‍රියාත්මක කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2196 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site