IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ

උපුල් වික්‍රමසිංහ


රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙතෙක් කිසිදු නිල තොරතුරක් ලැබී නැතැයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. එම යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සොල්දාදුවන් දෙදෙනකු මියගොස් ඇති බවට පසුගියදා අල්ජසීරා පුවත් සේවය පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා ඒ බව සඳහන් කළේය.

රුසියාව සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක් යුද කුලී හේවායන් වශයෙන් එම රටවලට ගොස් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ගෙන් වැඩි පිරිසක් හමුදා සේවයෙන් විශ්‍රාම ගත් අය බවට තොරතුරු ඇතැයි ද, සක්‍රීය හමුදා සේවයේ සිටියදී එයින් පලාගිය පිරිස් මේ ආකාරයට රුසියාවට හෝ යුක්රේනයට හෝ ගොස් ඇති බවට නිශ්චිත තොරතුරු නැති බව ද ප්‍රකාශ කළේය.
මේ ආකාරයට රුසියා - යුක්රේන යුද්ධයේදී එයින් කවර හෝ රටක් වෙනුවෙන් සටන් කිරීම සඳහා අනීතිකව ගිය ශ්‍රී ලාංකිකයන් විරැද්ධ පාර්ශ්වයේ හමුදා වෙත හසුවුවහොත් ඔවුන්ට යුද සිරකරුවන්ට හිමි වෙන වරප්‍රසාද හිමි නොවන බවත්, අදාළ රටේ නීතිය යටතේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කර දඩුවම් ලබාදෙන බවත් හේරත් මහතා වැඩිදුරටත් කීවේය. ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් යුද කුලී හේවායන් වශයෙන් රුසියාවේ හෝ යුක්රේනයේ හෝ හමුදා වෙනුවෙන් සටන් කිරීම සඳහා අදාළ රටවලට පිටත් කර හැරීම සම්බන්ධයෙන් ඒ රටවල් සමග කිසිදු ගිවිසුමක් ඇති කර ගෙන නැතැයි ද ප්‍රායෝගිකව ඒ ආකාරයේ ගිවිසුමකට එළැඹිය නොහැකි බවද හේරත් මහතා පැවසීය.
මේ වන විට රටවල් දෙකටම සහාය පළකිරීම සඳහා ශ්‍රී ලාංකිකකයන් සියයට වැඩි පිරිසක් එම රටවලට ගොස් ඇති බවත් තවත් සියයකට ආසන්න පිරිසක් යුද භූමිය වෙත යෑමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වේ.

 



අදහස් (0)

රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6107 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 310 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 338 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1271 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site