IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් ලොක්කන්ගේ ස්ථාන මාරුවීම් මේ සතියේ

ගයාන් සූරියආරච්චි
පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු මෙම සතියෙහිදී සිදු කිරීමට නියමිතව ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට භාර දී තිබූ ස්ථාන මාරු ලේඛනවල තිබූ අඩුලුහුඬුකම් මත එම ලේඛන ඉකුත් 25දාට පෙර නැවත සංශෝධනය කර එවන ලෙස එම කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිවරයාට එම ලේඛන හරවා යවා තිබුණි.
එම ලේඛන සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉකුත් 25 වැඩ බලන පොලිස්පතිවරයා විසින් සංශෝධිත ලේඛන නැවත පොලිස් කොමිසමට භාර දෙනු ලැබ තිබුණි. 
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසකට ස්ථාන මාරු නිර්දේශ වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. දැනට නිර්දේශ කර ඇති ස්ථාන මාරු ලේඛන සම්බන්ධයෙන් හෙට (1දා) අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබූ බව එම ආරංචි මාර්ග කියයි. මීට මාස දෙකකට පමණ පෙර සිට ස්ථාන මාරු සඳහා ලේඛන පොලිස් කොමිෂන් සභාවට බාර දී තිබූ අතර පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් එම ස්ථාන මාරු තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු තාවකාලිකව නතර කරනු ලැබ තිබුණි.



අදහස් (0)

පොලිස් ලොක්කන්ගේ ස්ථාන මාරුවීම් මේ සතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site