IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ව්‍යවස්ථාවකට ම.අ.වි. කමිටු වාර්තාව පදනම් කරගත හැකියි

උපුල් වික්‍රමසිංහ

යහපාලන ආණ්ඩුව සමයේ දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් පත් කරනු ලැබූ මහජන අදහස් විමසීමේ කමිටුව සකස් කළ වාර්තාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මූලාරම්භයක් කර ගත හැකි බව එම කමිටුවේ ප්‍රධානී නීතිඥ ලාල් විජේනායක පවසයි.

එම කමිටු වාර්තාවෙහි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනතාව යෝජනා කළ නිර්දේශ ඇතුළත් බව කී හෙතෙම, කමිටුව හමුවේ අදහස් දැක් වූ ජනතාව, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ යන පාර්ශ්වවලින් අතිබහුතරයක් දෙනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අවධාරණය කළ බව ද සඳහන් කළේ ය. 

වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද එම කමිටුවේ සාමාජිකාවක වශයෙන් කටයුතු කරමින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බව කී ඔහු, කමිටු වාර්තාව පදනම් කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමට යහපාලන ආණ්ඩුව අසමත් වූ බව ද සිහිපත් කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර දී, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී තමන් ප්‍රධානත්වය දැරූ කමිටු වාර්තාව පදනම් කර ගන්නා බව පැවසුව ද, ජනතා විමුක්ති පෙරමුණ එවැනි තීන්දුවක් ගෙන නැති බව තමාට හැඟෙන බව ද ප්‍රකාශ කළේ ය.

 



අදහස් (0)

නව ව්‍යවස්ථාවකට ම.අ.වි. කමිටු වාර්තාව පදනම් කරගත හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site