IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි

නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එක් විකිරණ යන්ත්‍රයක් මීට වසරකට පෙර සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති අතර ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති ඉතිරි එකම විකිරණ යන්ත්‍රය ද බිඳවැටීම හේතුවෙන් රෝහල් සේවා සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.

හදිසි අනතුරුවලට ලක් වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබදව පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍රය භාවිතාවෙන් සිදුකළ අතර එම යන්ත්‍රය ද බිඳ වැටීමෙන් හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු කීවේය.

මෙම විකිරණ යන්ත්‍ර දෙක වසර විස්සකට වඩා පැරණි යන්ත්‍ර බවත් මෙම යන්ත්‍ර බිඳ වැටීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබඳව කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ධර්මවික්‍රම මහතා තවදුරටත් පැවසීය.



අදහස් (0)

ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 304 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 333 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site