IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි

සුජිත් හේවාජුලිගේ
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේම ඇතැම් ඖෂධ සමාගම්වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. පැපුරෝන් එන්නත මීට පෙර තිබුණේ රුපියල් 70,000කට වුවද මේ වනවිට එය මිලට ගන්නේ රුපියල් 370ට බව ද ඔහු කීවේය.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන් එන්නත මිලට ගත්තේ රුපියල් 120,000කට බවත් එය දැන් මිලට ගන්නේ රුපියල් 31,000කට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ඒ එක ටෙන්ඩරයකින්  ඉතිරි කළ මුදල රුපියල් කෝටි විස්සක් බවද ඔහු සඳහන් කළේය.
සෙපියුරොක්සින් ප්‍රතිජීවක ඖෂධය මුලින් ගත්තේ රුපියල් 570ට වුවද දැන් ගන්නේ රුපියල් 70ට බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ එක ටෙන්ඩරයෙන් කෝටි අනූවක් ඉතිරි කරගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site