
"එදා ඩැරල් හෙයාර්, මුරලිට ප්‍රශ්න දාද්දී, මුරලි අඬමින් අයියෙ මම ගෙදර යන්නම් කියලා කිව්වා. ඒක මම බලා ගන්නම් - ඒක ඔයාගෙ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක විසඳලා දෙන්නම් කියලා මම මුරලිට කිව්වා, ඒත් මිනිහා ඇහුවේ නැහැ, සැරින් සැරේ ඇවිත් අයියෙ මම ගෙදර යන්නම් කිව්වාම මටත් ඉතින් කේන්ති ගියා. ඔන්න ඒ පාර මම හොඳ දෙකක් මිනිහට කිව්වා. ඉන් පස්සෙ ආයෙත් ඇඬුවෙත් නැහැ, ගෙදර යන්න ඇහුවෙත් නැහැ"
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග
“මා ඉස්සෙල්ලාම ටීම් එකට දැම්මෙත් අර්ජුන අයියා. එදා ඉඳලා අර්ජුන අයියා මාව බලා ගත්තෙ හරියට තාත්තා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගෙයි. එයා හිටියෙ නැත්නම් අද මේ විදියට කඩුලු 800ක් අරන් ලෝක වාර්තා තියපු මුරලි කියලා කෙනෙක්වත්, මේ විදිහට මුරලිදරන් කියන ක්‍රීඩකයාගෙ කතාව කියලා ෆිල්ම් එකක්වත් හැදෙන එකක් නැහැ. ඒ නිසා මම එයාට විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා. වෙන කිසිම කැප්ටන් කෙනෙක් එයා වගේ ඒ විදිහට කරලා නැහැ.”
- මුත්තයියා මුරලිදරන්
සඳුන් ගමගේ / ඡායාරුප | රුෂිරු කොළඹතන්ත්‍රීගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd