

ජාත්‍යන්තර වමේ ව්‍යාපාරය තුළ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ නාමයද විශේෂ ස්ථානයක් ගනී. ඔහු සටන් කළේ සන්නද්ධ හමුදාවක් අතැතිව නොව, අදහස්, සංස්කෘතිය, දේශපාලන විග්‍රහය සහ මිනිස් මනස තුළ ඇති ආධිපත්‍යයට එරෙහිවය.
ග්‍රාම්ස්චි යනු ඉතාලි කොමියුනිස්ට් චින්තකයෙක්, මාධ්‍යවේදියෙක්, දේශපාලන නායකයෙක් සහ දාර්ශනිකයෙක් වූ අතර, ඔහුගේ ජීවිතයේ විශාල කොටසක් ෆැසිස්ට්වාදී මූසෝලිනීගේ සිරගෙවල් තුළ ගත විය. නමුත් සිරගෙය ඔහුගේ මනස සිරගත කළේ නැත. එහිදී ලියූ “Prison Notebooks” නම් සටහන් සමාජවාදී දේශපාලනයේ අතිශය ගැඹුරු කෘති අතරට පත්විය.
අද ලෝකය මුහුණ දෙන අධිරාජ්‍යවාදය, නව ලිබරල් ධනවාදය, මාධ්‍ය මගින් මනස පාලනය කිරීම, ආගමික අන්තවාදය, ජාතිවාදය, සහ ව්‍යාජ ජනමාධ්‍ය ආධිපත්‍යය වැනි තත්වයන් අතර ග්‍රාම්ස්චිගේ අදහස් නැවතත් අතිශය වැදගත් වී තිබේ.
ග්‍රාම්ස්චිගේ ජීවිතය
අන්තෝනියෝ ග්‍රාම්ස්චි 1891 දී ඉතාලියේ සාර්ඩිනියා දූපතේ දුප්පත් පවුලක උපත ලැබීය. ඔහු කුඩා කල සිටම දුප්පත්කම, අසාධාරණය සහ සමාජ විසමතා පරිසරයක වැඩුණි. ශාරීරික දුර්වලතා තිබුණද ඔහුගේ බුද්ධිමය ශක්තිය අතිශය ප්‍රබල විය.
ඔහු ඉතාලි සමාජවාදී ව්‍යාපාරයට එක්වී පසුව ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නායකයෙක් විය. මූසෝලිනීගේ ෆැසිස්ට් ආණ්ඩුව ඔහුව සිරගත කළේ:
“මේ මොළය අවුරුදු විස්සකට වැඩි කාලයක් වැඩ නොකරවිය යුතුය”
යන ප්‍රකාශය සමඟය.
නමුත් සිරගෙය තුළදී ග්‍රාම්ස්චි ලියූ සටහන් ලෝකයේ සමාජවාදී ව්‍යාපාරයට අලුත් දේශපාලන භාෂාවකට මග පෑදුණි.
“හෙජමනිය'
ග්‍රාම්ස්චිගේ වඩාත් ප්‍රසිද්ධ අදහස “සංස්කෘතික හෙජමනිය” යන්නයි.
ඔහු පෙන්වා දුන්නේ ධනවාදය මිනිසුන් පාලනය කරන්නේ හමුදාවෙන් හෝ පොලිසියෙන් පමණක් නොවන බවයි. එය මිනිසුන්ගේ සිතුවිලි, ආශාවන්, විශ්වාසයන් සහ “සාමාන්‍ය බුද්ධිය” පවා පාලනය කරයි.
හෙජමනිය (Hegemony) කියන්නේ සමාජයක හෝ ලෝකයක එක් පන්තියක්, රටක්, හෝ බලවත් කණ්ඩායමක් තම බලය පාලනය හරහා පමණක් නොව, මිනිසුන්ගේ සිත, සංස්කෘතිය, අදහස් සහ වටිනාකම් හරහාද ස්ථාපිත කරන තත්වයයි.
පාලක පන්තිය ජනතාව පාලනය කරන්නේ බලහත්කාරයෙන් පමණක් නොව, “මෙය සාමාන්‍යයයි”, “මෙය නිවැරදියි” කියන අදහස් මිනිසුන්ගේ මනස තුළ රෝපණය කිරීමෙනුත් බවයි.
උදාහරණයක් ලෙස:
* මාධ්‍ය,
* පාසල් අධ්‍යාපනය,
* ආගම,
* සිනමාව,
* සමාජ සම්මතය
යන දේවල් හරහා පාලක අදහස් සාමාන්‍ය සත්‍යයක් ලෙස මිනිසුන්ට පිළිගන්වයි.
සරලව කියනවා නම්,
හෙජමනිය යනු බලය අතේ තබා ගැනීම සඳහා මිනිසුන්ගේ සිතුවිලි සහ සංස්කෘතිය පාලනය කිරීමයි.
අද එය අපට ඉතා පැහැදිලිව දැකිය හැකිය:
▪️ මාධ්‍ය මගින් “සාර්ථක ජීවිතය” යනු මුදල් බව කියා දීම
▪️ තරගකාරීත්වය ස්වභාවික බව කියා දීම
▪️ දුප්පත්කම පුද්ගලික අසාර්ථකත්වයක් ලෙස පෙන්වීම
▪️ සමාජවාදය යනු අසාර්ථක අදහසක් බව නැවත නැවත ප්‍රචාරය කිරීම
▪️ ජනතාව විනෝදාස්වාදය තුළ ගිල්වා දේශපාලනයෙන් වෙන් කිරීම
ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ මෙය “අදහස්වල යුද්ධයක්” බවයි.
අද සමාජවාදී ව්‍යාපාරයට ග්‍රාම්ෂිගෙන් ඉගෙන ගත හැකි පාඩම්
ජනතාවගේ මනස දිනා නොගෙන විප්ලවයක් කළ නොහැකිය.
ග්‍රාම්ස්චිට අනුව විප්ලවය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීම පමණක් නොවේ. ජනතාවගේ සිතුවිලි වෙනස් කිරීමත් අවශ්‍යය.
අද බොහෝ වාමාංශික ව්‍යාපාර අසාර්ථක වන්නේ ජනතාවගේ සංස්කෘතිය, ආගමික හැඟීම්, ජීවන අත්දැකීම් සහ දෛනික ප්‍රශ්න තේරුම් නොගෙන න්‍යායාත්මක දේශන පමණක් කිරීම නිසාය.
සමාජවාදී ව්‍යාපාරයක් ජනතාවගේ භාෂාවෙන් කතා කළ යුතුය.
කම්කරුවාගේ වේදනාව, තරුණයාගේ අනාගත බිය, කාන්තාවගේ පීඩනය, ගොවියාගේ ණයබර ජීවිතය, විරැකියාව, නිවාස ප්‍රශ්න, අධ්‍යාපන අසාධාරණය — මේවා සමඟ සම්බන්ධ විය යුතුය.
සංස්කෘතිය යනු දේශපාලනයකි
ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ කලා, ගීත, සිනමාව, පාසල්, පුවත්පත්, ආගමික ආයතන, සමාජ මාධ්‍ය — මේ සියල්ල දේශපාලන බලයේ කොටස් බවයි.
අද TikTok, Facebook, YouTube, Netflix වැනි මාධ්‍ය මගින් මිනිසුන්ගේ චින්තනය හැඩගැස්වෙයි.එබැවින් සමාජවාදී ව්‍යාපාරයක්:
▪️ ගීත නිර්මාණය කළ යුතුය
▪️ චිත්‍රපට සාදාගත යුතුය
▪️ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී විය යුතුය
▪️ ජනතා කලා සමඟ එක්විය යුතුය
▪️ තරුණ සංස්කෘතිය තේරුම් ගත යුතුය
දේශපාලනය පාර්ලිමේන්තුවේ පමණක් සිදුවන්නේ නැත.
එය මිනිසුන්ගේ මනස තුළ සිදුවේ.
“Organic Intellectuals” – ජනතාවගෙන් උපදින බුද්ධිමතුන්
ග්‍රාම්ස්චිට අනුව බුද්ධිමතකු යනු විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පමණක් නොවේ. කම්කරුවා, ගොවියා, කලාකරුවා, සමාජ ක්‍රියාකාරියා — තම පන්තියේ අත්දැකීම් දේශපාලන දැනුමක් බවට පරිවර්තනය කරන සෑම කෙනෙකුම “Organic Intellectual” කෙනෙකි.
අද සමාජවාදී ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ:
▪️ ජනතාව අතරින් නායකයන් බිහි කිරීම
▪️ දේශපාලන අධ්‍යාපනය
▪️ කියවීමේ සංස්කෘතිය
▪️ විවේචනාත්මක චින්තනය
▪️ තරුණ බුද්ධිමතුන් ගොඩනැගීම
විප්ලවය යනු ජනතාවගේ දැනුම වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි
දීර්ඝකාලීන සංවිධානයේ වැදගත්කම
ග්‍රාම්ෂි “War of Position” සහ “War of Maneuver” යන සංකල්ප දෙක හඳුන්වා දුන්නේය.
ඔහු පෙන්වා දුන්නේ සමහර සමාජවල ක්ෂණික කැරැල්ලක් මගින් බලය අල්ලා ගැනීම ප්‍රමාණවත් නොවන බවයි.
ඒ වෙනුවට දිගුකාලීන සංස්කෘතික, දේශපාලන හා සමාජ සංවිධාන ගොඩනැගීම අවශ්‍යය.
අද බොහෝ ව්‍යාපාර:
▪️ කෙටි කාලීන උද්ඝෝෂණවලට සීමා වෙයි
▪️ සංවිධාන ගොඩනැගීම අමතක කරයි
▪️ දේශපාලන අධ්‍යාපනය නොකරයි
▪️ මාධ්‍ය බලය නොතේරුම් ගනී
ග්‍රාම්ස්චි අපට උගන්වන්නේ විප්ලවය යනු මැරතන් ධාවනයක් බවයි, කෙටි දුර ධාවනයක් නොවන බවයි
අධිරාජ්‍යවාදය නව ආකාරවලින් පැමිණේ
ග්‍රාම්ස්චි ජීවත්වූ සමයේ ෆැසිස්ට්වාදය ප්‍රබල විය. අද එම බලය වෙනස් ආකාර ගෙන ඇත:
▪️ ධනවාදී මාධ්‍ය(Corporate Media)
▪️ ජාතිවාදී දේශපාලනය
▪️ ආගමික අන්තවාදය
▪️ ඩිජිටල් ප්‍රචාරණය
▪️ පාරිභෝගික සංස්කෘතිය
▪️ අසත්‍ය තොරතුරු
අද සමාජවාදී ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ මෙම නව ආධිපත්‍ය ආකාර හඳුනා ගැනීමයි.
බලාපොරොත්තුව යනු විප්ලවීය ශක්තියකි
ග්‍රාම්ස්චිගේ ප්‍රසිද්ධ වචනයක් ඇත:
“බුද්ධියේ නිරාශාව, කැමැත්තේ සුබවාදය.”
ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ කුරිරු යථාර්ථය පැහැදිලිව දැකිය යුතු බවයි. නමුත් ඒ සමඟම සටන් කිරීමේ කැමැත්ත නැති කරගත නොහැක.
අද බොහෝ තරුණයන්:
▪️ දේශපාලනය ගැන කලකිරී ඇත
▪️ අනාගතය ගැන බියෙන් සිටී
▪️ පද්ධතිය වෙනස් කළ නොහැකි බව සිතයි
ග්‍රාම්ස්චි අපට කියන්නේ:
බලාපොරොත්තුව යනු අන්ධ සිහිනයක් නොව, සංවිධානය වූ ජනතා ක්‍රියාවලියක් බවයි.
ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ග්‍රාම්ස්චි
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයටද ග්‍රාම්ස්චිගේ අදහස් ඉතා වැදගත් වේ.
අපේ සමාජය තුළ:
▪️ ජාතිවාදය
▪️ ආගමික භේද
▪️ මාධ්‍ය මනෝපාලනය
▪️ දේශපාලන පවුල් ආධිපත්‍යය
▪️ පාරිභෝගික සංස්කෘතිය
▪️ තරුණයන්ගේ දේශපාලන වියෝජනය
ඉතා ප්‍රබල ලෙස පවතී.
එබැවින් සමාජවාදී ව්‍යාපාරයක් ජනතාවගේ දෛනික ජීවිතය, සංස්කෘතිය, භාෂාව සහ මානසිකත්වය සමඟ සම්බන්ධ නොවී ඉදිරියට යා නොහැකිය.
අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනු සිරගෙයක සිට ලෝක දේශපාලනය වෙනස් කළ චින්තකයෙකි. ඔහු අපට උගන්වන්නේ බලය යනු රජය පමණක් නොව, මිනිසුන්ගේ මනස, සංස්කෘතිය සහ “සාමාන්‍ය බුද්ධිය” පවා බවයි.
අද සමාජවාදී ව්‍යාපාරයකට ඔහුගෙන් ඉගෙන ගත හැකි විශාලතම පාඩම වන්නේ:
▪️ ජනතාවගේ මනස සමඟ සම්බන්ධ වීම
▪️ සංස්කෘතික අරගලය වැදගත් කර ගැනීම
▪️ දිගුකාලීන සංවිධානය ගොඩනැගීම
▪️ ජනතාව අතරින් බුද්ධිමතුන් බිහි කිරීම
▪️ බලාපොරොත්තුව සංවිධානය කිරීම
යන කරුණුය.
ග්‍රාම්ෂිගේ ජීවිතය අපට මතක් කර දෙන්නේ සිරගෙයකට අදහස් මරා දැමිය නොහැකි බවයි. සැබෑ විප්ලවය ආරම්භ වන්නේ මිනිසුන් ලෝකය වෙනස් කළ හැකි බව විශ්වාස කරන මොහොතේය.
මොහොමඩ් ශාකීර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd