’මර්වින් ජානා’ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට දැනට බූස්ස බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ ’’මර්වින් ජානා ’’ යන අය මෙහෙයවන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකාර කාන්තාවක හා පුද්ගලයෙකු අද(3 ) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. 5 years ago
දෙණියාය රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වරති දෙණියාය මූලික රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට පහරදී වෛද්‍යවරුන්ට බැන තර්ජනය කර රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ පහකට අධික අලාභ හානියක් සිදු කළ සැකකරුවන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දෙණියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අද (3) වැඩ වර්ජනයක නිරතවුහ. 5 years ago
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අල්ලයි දස හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, නෑදෑයෙකු වන මහලු පුද්ගලයකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අද (03) පොලීසිය පැවසීය. 5 years ago
බැංකු ගිණුමක් වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන ගියාට 4ක් දැලේ මාස එකොළහක් තුළ රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුමක් වෙනත් පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් හා එයට සහාය වූ පුද්ගලයන් තිදෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 5 years ago
මනුෂ්‍ය ඝාතනයකට අයෙක් අත්අඩංගුවට මාස දෙකකට ඉහතදී දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 5 years ago
කුලී ගමන් යන මුවාවෙන් ගංජා රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් (02) පස්වරුවෙදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 5 years ago
තන පටයේ මත්කුඩු සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට මත්කුඩු ග්‍රෑම් 04 ක් හා මිලිග්‍රෑම් 236 ක් තන පටයේ සඟවාගෙන සිටි සිව්දරු මවක් අද (02) ගාල්ල කළේගාන සපුමල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි. 5 years ago
බෙහෙත් ටියුබයක් තුළ දමා රැඳවියෙකුට මත්ද්‍රව්‍ය ලබා දීමට උත්සහ කළ කාන්තාවක් අත්අඩංගුවට බෙහෙත් ටියුබයකට ඉතා සූක්ෂම ලෙස හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුල් කර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබා දීම සඳහා උත්සහ දැරූ වයෝවෘද්ධ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය බාර දුන් බව පොලිසිය පැවසීය. 5 years ago
දික්කන්දේ ගණිකා ජාවාරමක් වටලයි - තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් උපාය දුතයෙකුගෙන් රුපියල් 3000 ක් ලබා ගෙන කාමරයක් සමඟ කාන්තාවක් ලබාදුන් හෝටලයක හිමිකරුවෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (02) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 5 years ago
ගොවිජන-කෘෂිකර්ම නිලධාරීන්ට පහර දීම ගැන විරෝධතාවක් රාජකාරි ඉටුකිරිමට ගිය රත්ගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරිවරයාට හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දෙදෙනාට එල්ල කළ ප්‍රහාරයට හෙලා දකිමින් විරෝධතාවයක් අද (02) රත්ගම මංසන්දියේ දි පැවැත්විණි. 5 years ago
නිවසේදීම අභිරහස් ලෙස මිය ගිය තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (02) උදෑසන තිබී හමු වූ බවට වව්නියාව පොලීසිය පවසයි. 5 years ago
රථවාහන නීති කැඩූ රියැදුරන් 23කට ලක්ෂ 7ක දඩ රථවාහන නීති කඩ කරමින් රිය පැදවු පුද්ගලයන් 23 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන්වීම හේතුවෙන් ඔවුන්ට රුපියල් 730,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (02) දා නියෝග කළේය. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago