හැඹිලි දැල් දැමූ ධීවරයෝ 7 ක් කොටුවෙති
කල්පිටිය උච්චිමුණේ දූපත ආසන්න මුහුදේ බල පත්ර රහිතව හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරත වූ ධීවරයින් හත්දෙනෙකු දැල් කට්ටල තුනක්, ධීවර යාත්රා සහ එන්ජින් තුනක් සමඟ කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාර දී ඇත.