සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගැනීමට උත්සාහ කොට , එය ව්‍යර්ථ වීමෙන් පසුව නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා , රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනෙකු අද (17) දා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.