(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව පොල්ගහ අගාරවත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට එම වත්ත වංචනිකව අත්පත් කර ගෙන බුක්ති විඳිමින් සිටි බව කියන සැකකාර වතු පාලකයෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.
ඇස් ඒ ඩී යසපාල ධනසිරි නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙුණි .
නිට්ටඹුව පොලිස් වසමට අයත් අක්කර තිස් ගණනකින් යුතු පොල්ගහ අගාර නැමැති පොල් වත්තට ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස් කොට වංචනිකව අත් පත් කර ගෙන සිටි බව කියන සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.
සැකකරු කාලයක් තිස්සේ එම වත්තේ පාලකයා වශයෙන් කටයුතු කරමින් සිටින අතර තුර වත්තේ හිමි කරු කොල්ලුපිටියේදී අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් පසුව මොහු එම වත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට ගෙන වංචනිකව අත්පත් කර ගෙන සිටි බවද අධිකරණයේදී අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා කරුණු දක්වමින් මේ පිළිබඳව කර ගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වී නැති බව කියා සිටියේය.
නැවත කැඳවීම මේ මස 22 වනදාට කල් තැබිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ්
Senarath Tuesday, 09 November 2021 02:53 PM
හොරට ඔප්පුව හැදුවා විතරක් වෙන්න බහ .මොහු ඒ මිනීමැරුමටත් සම්බන්ධ ඇති