( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ඇල්ල කන්ද දොලෙහි දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හොරණ, ඇල්ල කන්ද පදිංචිව සිටි සම්මුගන් සත්‍යවානි (45) නැමැත්තියකි.
දිය නෑමට ගොස් පැය කීපයක් ගතවන තුරු ඥාතිවරිය නිවසට නොපැමිණි බව සමීප ඥාතිවරියක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වීමේදී කාන්තාවගේ මළ මළසිරුර දියේ ගිලී තිබී හමුවූ බව පොලිසිය කියයි
මෙම කාන්තාව අසනීප ගතියකින් පෙළෙන බව සමීප ඥාතිවරියක පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ
ඇය දිය නෑමට පැමිණෙන අවස්ථාවේදී සේදීම සඳහා රැගෙන ආ වලං කීපයක් ද දොල අසල තිබූ බව පොලිසිය කියයි
කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත
හොරණ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි ගිනිගේ මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි විමලරත්න පොලිස් සැරයන් 59258 වීරකෝන් මහත්වරු පරීක්ෂණ පවත්වයි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දියේ ගිලී කාන්තාවක් මරුට