එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා මාට්ටු පානදුර පින්වත්ත පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුපියල් 81000ක අඩංගු මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා දින හතරක් තුළ දී වල්ගම සුසාන භූමිය අසල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 14 December 2021
මටේකැලේ වතු යායේ කම්කරුවෝ පාරට බසිති රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු සමාගමට බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් අද (14) උද්ඝෝෂණයක නිරතවුහ. 14 December 2021
මෝටර් රථවල කොටස් ගැලවූවෙක් අත්අඩංගුවට නවතා ඇති මෝටර් රථ වල කොටස් හොරෙන් ගලවා , විකුණන පුද්ගලයෙකු අද(14) කටුනායක පොලීසිය සිදු කළ විශේෂ වැටලීමකින් අනතුරුව අත් අඩංගුවට ගෙන තිබේ . 14 December 2021
අනතුරක් කර පළා ගිය 4 ක් අල්ලයි අනතුරක් සිදු කර ,ජංගම දුරකතනයක් බලහත්කාරයෙන් රැගෙන ත්‍රිරෝද රථයකින් පලායමින් සිටි පිරිසක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන්ගේගේ රාජකාරියට බාධා කළ පුද්ගලයන් සිව් දෙනෙකු ත්‍රිරෝද රථයක් සමඟ හොරණ මුණගම දී ඊයේ (12) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 13 December 2021
මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ ගම්පහ - වතුරුගම මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ලොරියක් සහ වෑන් රියක ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කළ බව පොලිසිය කියයි. 12 December 2021
කෝට්ටේ ඉඩම් වෙන අයට පවරන්න එපා ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලයේ වෙනත් පුද්ගලයන්ට පවරාදීම සහ වර්ථමාන රජය මිශ්‍ර සංවර්ධනයට යයි කියා ෙ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 12 December 2021
අනතුරක් කර පළා ගියැයි ලංගම රියදුරු-කොන්දොස්තර අත්අඩංගුවට හොරණ 20 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා පාගමනින් යමින් සිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු අනතුරට ලක් කර පලා ගොස් සැඟවී සිටි හොරණ ලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි . 12 December 2021
ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය. 12 December 2021
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 12 December 2021
වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ අධ්‍යාපන පොදු සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ගාල්ල ඕල්කට් මාවත පිහිටි අධ්‍යාපන සේවක සමුපකාර සමිතිය ඉදිරිපිටදි අද(11) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 11 December 2021
‘ප්‍රියන්ත කුමාර‘ ඝාතනයට අ‘පුර මුස්ලිම් ජනයාගේ විරෝධය පකිස්ථානයේදි ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුසික ලෙස ඝාතනය කිරිමට විරෝධය පළකරමින් අනුරාධපුර මුස්ලිම් ප්‍රජාව අද (10)දින පස්වරුවේදි අනුරාධපුර මොහිදින් ජුම්මා පල්ලිය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරත වුහ. 10 December 2021
සිගරැට් 9000 ක් ගුවන්තොටුපලෙන් අල්ලයි ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් නීතිවිරෝධීව රැගෙන ආ සිගරැට් 9000 ක් අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහූ සමත් වූහ. 10 December 2021
පොලීසිය යැයි අඟවා නිවෙස්වලට ගොස් කොල්ල කාලා පොලිස් නිළධාරියකු ලෙස අඟවා නිවෙස් වලට ගොස් මුදල් සහා දේපල සොරකම් කළ අයෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි. 09 December 2021
මඩකලපුව, අම්පාර ලක්ෂ 37 රන්මාල කැඩු දෙකක් දැලේ මඩකලපුව අම්පාර පොලිස් බල ප්‍රදේශ රැසක යතුරු පදි සොරාගෙන ගොස් රන්මාල දීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 37ට අධික වටිනා රන් බඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 09 December 2021
විශ්‍රාමිකයින්ගේ ජාතික සංවිධානයේ උද්ඝෝෂණයක් විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය ,වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ,එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී පැවැත්වූහ. 08 December 2021
ගින්නකින් පාවහන් අලෙවි සැල විනාශයි ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි. 08 December 2021
මෑන් පවර් සේවකයෝ පාරට බසිති සමස්ථ ලංකා ඒකාබද්ධ ශ්‍රම කොන්ත්‍රාත් (මෑන් පවර්) සේවක එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (07) පැවත්වුණී. 07 December 2021
බීඩි කොළ තොගයක් සමඟ 5ක් අත්අඩංගුවට ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරි කණඩායමක් විසින් බහුදින යාත්‍රාවකින් නිතී විරෝධි ලෙස මෙරටට ගෙන එමින් තිබු බිඩි කොල තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙක් අද (07) අත් අඩංගුවට ගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි. 07 December 2021
සන්නිවේදන කුලුනුවල බැටරි සොරාගත් අයෙකු අල්ලයි සන්නිවේදන කුළුණු වල සවි කොට ඇති රුපියල් ලක්ෂ ගණනක් වටිනා බැටරි මහ රෑ හොරෙන් ගලවා ගෙන ගොස් ඇති බැටරි සොරෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වීරගුල පොලීසිය අද(07) උදෑසන පැවසීය. 07 December 2021
හැටන් ඔයේ තිබී නාඳුනන කාන්තා සිරුරක් හමුවෙයි හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයේ තිබි නාඳුනන කාන්තා මළ සිරුරක් අද (07) දින සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය. 07 December 2021
කාන්තාවන් මුදලට විකුණා වැඩ වරදී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසක කලක සිට පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා , එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි. 06 December 2021
වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් යටවෙයි උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කිරීමෙන් පසුව වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ. 06 December 2021
මසුන් අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර වැව අසළ වවුනියාව, ඉරට්ටපෙරියකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැව ආසන්නයේ තිබී සොයාගත් බව ඉරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. 05 December 2021
වැලිවිට විදුලිය බිද වැටීම ගැන කොළඹ අපරාධ කොට්ඨාස පරීක්ෂණයක් මහජනයා පීඩාවට පත් කරමින් වැලිවිට පාරිභෝගික අධිකාරි බල ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාස පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 03 December 2021
කැබිතිගොල්ලෑවේ ගැමියෝ පාරට බසිති කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද(03) දහවල් අනුරාධපුර- පදවිය මාර්ගය අවහිර කරමින් සමාධීගම ප්‍රජාශාලාව අසලදී උද්ගෝෂණයක නිරත වුහ. 03 December 2021
අලුත් කඩේ උසාවිය අසළ නිහඩ විරෝධතාවක් අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුව සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (03 ) අලුත් කඩේ උසාවිය අසලදී පැවැත්විණි. 03 December 2021
ආබාධිත පුද්ගලයින්ගෙ අයීතින් වෙනුවෙන් පාරට ආබාධිතාවය පිළිබදව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැවොම එක්වන ලෙස ඉල්ලා පැවැත්වූ නිහඩ උද්දේශනයක් කොටපොළ ,පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට අද (03) පැවැත්විණි. 03 December 2021
කැපුම් තුවාල සහිත නාඳුනන සිරුරක් හමුවෙයි බේරුවල පොලිස් ස්ථානයට නුදුරින් වෙරළ තීරයේ තිබී අද (3) උදෑසන ගෙලෙහි කැපුම් තුවාලයක් සහිත නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව බේරුවල පොලිසිය කියයි . 03 December 2021
විශ්ව විද්‍යාල වෘත්තිය සමිති පාරට බසිති විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (02) නාවල විවෘත විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්විණි. 02 December 2021
මිය ගිය හඳුන් දිවියකුගෙ සිරුරක් තේ වත්තක තේ වත්තේ ළදු කැලැවක මියගොස් සිටි හොදින් වැඩුණු හදුන් දිවියෙකුගේ සිරුරක් සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 02 December 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025