IMG-LOGO

මටේකැලේ වතු යායේ කම්කරුවෝ පාරට බසිති

( ශාන්ත චන්ද්‍රසිරි)

රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු  සමාගමට  බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ    වතු කම්කරුවන්  අද   (14) උද්ඝෝෂණයක නිරතවුහ.

රජයේ හා වැටුප් පරිපාලක සභාවේ චක්‍රලේඛණවලට පටහැගිව යමින් වැවිලි සමාගම්  විසින් පැය අටක දිනක සේවයට ලබා දෙන රුපියල් 1000 ක දෛනික වැටුප නොගෙවා විවිධ කොන්දේසි දමමින් ඉන් අඩක් ගෙවීමට පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ පවසා සිටියහ.

වතු සමාගම විසින් මීට පෙර වතු කම්කරුවන්ට ලබාදුන් සුභසාධන කටයුතු කිසිවක් මේ වනවිට ලබා නොදී සිටින බවත්, අසාධාරණ ලෙස දිනකට තේ දළු කිලෝ 20 ක් කැඩිය යුතු බවට වතු පාලන අධිකාරිය විසින් පවසා  සිටින බවද ඔවුහු පවසා සිටියහ. 

මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් 300 ක පමණ පිරිසක් කලු කොඩි ඔසවමින් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ නියලිණි.

 



අදහස් (0)

මටේකැලේ වතු යායේ කම්කරුවෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site