(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ 20 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා පාගමනින් යමින් සිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු අනතුරට ලක් කර පලා ගොස් සැඟවී සිටි හොරණ ලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ මිපේ අතර ධාවනය යෙදෙන බස් රථයක රියදුරු හා කොන්දොස්තර වරයාය අනතුරින් මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල අලුත් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි විමුක්ති අනුරාද 44 දෙදරු පියෙකි.
ඉකුත් හත් වෙනි දින මියගිය කළමනාකරු රැකියාව නිමවා මෝටර් රථයෙන් හොරණ 20 කණුව ප්‍රදේශයට පැමිණ ආපන ශාලාවකින් රාත්‍රී ආහාර මිලට ගෙන යළි පාර හරහා යමින් මෝටර් රථය වෙත පැමිණීමේ දී හොරණ සිට ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ඉදිරිපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් පසු රියදුරු සහ කොන්දොස්තරවරයා බස්රථය මඳක් එම ස්ථානයේ නවතා තුවාලකරු රෝහල්ගත නොකර ඩිපෝවට ගොස් බස් රථය ගාල් කර නිවෙස් කරා පිටත් ව ගොස් තිබූ බව පොලිසිය කියයි .
අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයා ව පොලිසිය මගින් ප්‍රදේශවාසීන්ගේ සහයෙන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී දින පහකට පසු අද 12 මියගිය බව පොලිසිය කියයි
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හොරණ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව හොරණ ඩිපෝවට ගොස් බස් රථය පරික්ෂා කිරීමේදී සිදුවූ අනතුරෙන් බස් රථයේ ඉදිරිපස ට තරමක් අලාභානි සිදු වී තිබූ බව පොලිසිය කියයි
හොරණ මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ඩුල ගිනිගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික රුවන් පොලිස් සැරයන් 37472 සෙනරත් කොස්තාපල් 69872 මහේෂ් මහත්වරු පරීක්ෂණ පවත්වයි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අනතුරක් කර පළා ගියැයි ලංගම රියදුරු-කොන්දොස්තර අත්අඩංගුවට