( රංජිත් රාජපක්ෂ)
තේ වත්තේ ළදු කැලැවක මියගොස් සිටි හොදින් වැඩුණු හදුන් දිවියෙකුගේ සිරුරක් සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
හැටන් නොර්වුඩ් පොලිස් වසමට අයත් බ්ලින්කිබොනි වතු යායේ තේ වත්තේ ළදු කැලැවක හදුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ වතු කම්කරුවන් පොලිසිය හරහා ලබාදුන් තොරතුරක් මත මියගිය හදුන් දිවියාගේ සිරුර සොයාගත් බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
අවු 06 පමණ වයසැති හොදින් වැඩුණු හදුන් දිවියා පිරිමි සතෙකු බවත්, තේ වත්තේ සැරිසරන තවත් හදුන් දිවියෙකු සමග සිදු වි ඇති ගැටුමක් නිසා හදුන් දිවියා මිය යන්නට ඇති බවට මිය ගිය හදුන් දිවියාගේ සිරුරේ තිබෙන තුවාල අනුව සැකකරන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
මියගිය හදුන් දිවියාගේ සිරුර වනජිවි නිලධාරින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයට ඊයේ (01) දින රාත්‍රියේම රැගෙන ගොස් ඇත.
මිය ගිය හදුන් දිවියාගේ සිරුර සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පරික්ෂණ පවත්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිය ගිය හඳුන් දිවියකුගෙ සිරුරක් තේ වත්තක