
( තිලකරත්න දිසානායක)
ගම්පහ - වතුරුගම මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ලොරියක් සහ වෑන් රියක ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කළ බව පොලිසිය කියයි.
ගම්පහ සිට වතුරුගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියෙහි මුහුණට මුහුණ ගැටී අසල පිහිටි නිවස තුලට කඩා වැදී ඇති බවත් පසුපසින් පැමිණි වෑන් රථයක්ද මින් අනතුරට පත්ව ඇති බවත්ය.
තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස්රථයේ සහ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතුරින් කිහිප දෙනකු සුලු තුවාල ලබා සිටි ආකාරයක් දක්නට ලැබුනු අතර බස් රථය කඩා වැදීමෙන් නිවසට හානි සිදුව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd