(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි.
මෙලෙස ගිනිගෙන ඇත්තේ අද සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සළකි.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැතත් අයිතිකරුවන් පවසන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැකකරන බවයි.
ගින්නෙන් කිසිවකුටත් අනතුරු සිදුව නොමැති නමුත් පාවහන් ආළෙවි සැළට දැඩි අලාභහානි සිදුව ඇත.
කඩකාමරයට ඉහළින් නිවසක් පිහිටා ඇති අතර එම නිවසට ද ගින්නෙන් අලාභ සිදුව ඇත. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළ අතර පසුව ගිනි නිවන හමුදා රථය පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගින්නකින් පාවහන් අලෙවි සැල විනාශයි