(ජේ.කේ.එල්. චාමින්ද ,රවි ලියනගේ සහ හේමපාල ලියනගේ)
අධිකරණය මගින් වරෙන්තු 05ක් නිකුත්කර තිබු සැකකරුවකු හෙරොයින් මත්කුඩු සමග නාගොඩ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ කොළඹකඩේ හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි.
සැකකරු මත්කුඩු පානය කිරිමට මෙන්ම මත්කුඩු ජාවාරමටද සම්බන්ද අයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මොහු මහදහවල් කඩුවක් රැගෙන මාපලම ප්‍රදේශයේ වෙළදසැල්වලට දෙකකට පැමිණ වෙළසැල් හිමියන්ට චණ්ඩිපාට් දමා කොල්ලකැම් සිදුකොට ඇති අයෙකු බවද පොලිසිය පවසයි.
මොහු මෙකි ප්‍රදේශයේ සිය මැරබලය පතුරුවා ගැනිමට උත්සාහ දරමින් සිටින අයෙකු බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.
සැකකරු අද (05) බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතාගේ උපදෙස්මත ප්‍රධාන පොලිස් පරික්ෂක විජේසිංහ, උ පො ප සුනිල් පො සැ37049 අජිත් , පො සැ 45125 ප්‍රසන්න ,පො කො 85178 ප්‍රසන්න පො කො 83432 ජයසිංහ, පො කො 97511 විරාජ්, පො කො 23724 ප්‍රනාන්ද යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වරෙන්තුකරු මතුකුඩු සමඟ දැලේ