(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ බෙන්තොට, දෝපේ සුමනාරාම විහාරස්ථාන මංසන්ධිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකු මාර්ගයේ විරුද්ධ දිශාවේ දුරකථන කණුවක ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට හබුරුගල, දෙද්දුව ,ගොඩැල්ල වත්ත ලිපිනයේ පදිංචිව සිටි භානුක නිරෝධ කවිරත්න (22)නැමැති අවිවාහක තරුණයෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පැවසීය .
කලක් කොරෝනා ව්‍යසන කාලයකට පෙර පෙර අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේසංචාරක හෝටලයක සේවය ඇති අයෙකු බවත් පෞද්ගලික අවශ්‍යතාවයකට බෙන්තොට ප්‍රදේශයට පැමිණ නිවෙසට යන අතරතුරදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බව කියයි.
අනතුරෙන් දුරකථන කණුවෙ ගැටුණු යතුරු පැදියට සහ දුරකථන කණුව ද හානිසිදුවී තිබෙන බව පොලීසිය සදහන් කළේය.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේ දී සිදු සිදුකිරීමට නියමිතය . බෙන්තොට පොලිස් ස්ථානාධිපති ලක්ශිත වීරසිංහ මහතාගේ උපදෙස් මත,බෙන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියංකර , පොලිස් සැරයන් සුසන්ත (58470)යන මහත්තුරු පරීක්ෂණ සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි කණුවෙන් මාරයා එයි
Uranga Tuesday, 16 November 2021 07:30 PM
විදුලි කණුවද? දුරකථන කණුවද? මොකක්ද හරි එක..?