IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති

වැලිගම මිදිගම  තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.

ප්‍රදේශයේ ආගමික සහ සමාජ සේවාවන් සඳහා දැඩි ඕනෑකමින් සහ කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ  විශේෂයෙන් පිරිත් දේශනා, බෝධි පූජා, සහ ධර්ම දේශනා සදහා  ඉතාමත් දක්ෂ හිමිනමක් ලෙස ප්‍රසිද්ධියක් ලැබ සිටියහ.

උන්වහන්සේ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (5 ) දින රාත්‍රී  අපවත් වූහ.

අපවත් වන විට පනස් හයේ (56 ) වියේ පසු විය. 

උන්වහන්සේගේ ශ්‍රී දේහය වැලිගම මිදිගම  තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන අතර  ආදාහන පූජෝත්සවය අද (8) පස්වරුවේදී මිදිගම තුර්කි ගම්මානයේ ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිත බව  ආදාහන පූජෝත්සව කමිටුව පැවසුහ .

 



අදහස් - (0)

මොරවක ගුණසිරි හිමි අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1433 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1811 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2523 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2045 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2017 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5496 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site