බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාධාරියකු , ප්‍රවීන ලේඛකයකු, ගත් කතුවරයකු, පුවත්පත් කතුවරයකු, විදුහල්පතිවරයකු මෙන්ම ප්‍රකට විද්වතකුවූ ආචාර්‍ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමෝ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදේ ස්වර්ගස්ථ වූහ.
කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථවන වන විට වයස අවුරුදු 62 වැනි වියෙහි පසුවිය.
කළුතර පයාගලදී 1963 ජූනි මස 05 වැනි දින උපත ලද එතුමා පයාගල රෝමානු කතෝලික විද්‍යාලය , පයාගල බණ්ඩාරණායක මහ විද්‍යාලය සහ කළුතර විද්‍යාලය ජාතික පාසැලේ ආදි ශිෂ්‍යයෙකි .
කළුතර විද්‍යාලය ජාතික පාසැලෙන් උසස් පෙළ සමත්ව ගරු පියතුමෙකු වීමේ අපේක්ෂාවෙන් දෙව්සත් හලට පිවිසි එතුමා විදෙස් විශ්ව විද්‍යාලයකින් ආචාර්‍ය උපාධිය ලබා ගත්තේය. උන්වහන්සේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ඩිප්ලෝමාව ලබාගෙන ඇත්තේ 1982 වසරේ කැළණිය විශ්ව විද්‍යාලයෙනි.
ඉන් අනතුරුව රාගම මීසම් සහයක ලෙස සේවය කළ එතුමා එහි ලෙන්චියාවත්ත ගම්මානයට විශාල සේවයක් කරමින් එහි දෙව් මැදුරක්ද ඉඳි කළේය .
ඉන්පසු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයට එක්වූ එතුමා පසුව මහනුවර අම්පිටිය ජාතික දෙව්සත් හලේ ආචාර්‍ය මණ්ඩලයට එක්ව එහි දර්ශන පීඨයේ පීඨාධිපති ධූරයටද පත් විය.
එතැනින් දළුගම මීසම් සේවක ලෙස පත්ව ආ එතුමා ඉන් අනතුරුව කළුතර සිරිකුරුස විදුහලේ අදියුරු ලෙස විදුහලේ සංවර්ධන කටයුතු රැසක් කරමින් මහඟු සේවාවක් කළේය ඉන්පසු බොරැල්ල ශාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත් හලේ අදියුරු ලෙස පත්ව ආ එතුමා ඉන් අනතුරුව "ඥානාර්ථ ප්‍රදීපය" හා " ද මැසෙන්ජර් " යන කිතුනු පුවත්පත්වල කතුවරයා වශයෙන්ද කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද පත්ව ආවේය.
ඉන්පසු කොළඹ ශාන්ත නික්ලස් ජාත්‍යන්තර පාසැලේ අදියුරු මෙන්ම තලංගම මීසම් සේවක ලෙසද කටයුතු කළ එතුමා පසුව මීගමුව 16 වැනි බෙනඩික් විද්‍යායතනයේ අදියුරු ධූරයට පත් කෙරිණි.
සංගීතයට ඉමහත් ලැදියාවක් හා දක්ෂතාවයක් දැක්වූ උන්වහන්සේ දක්ෂ ගායන ශිල්පියෙකි .
ස්වර්ගස්ථවූ ආචාර්‍ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමාගේ දේහය පයාගල ශාන්ත මරියා දේවස්තානයේ තැන්පත් කර ඇති අතර අප්‍රේල් 22 බදාදා සවස 3.00 ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කෙරේ.
(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd