
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අද (3) අභවප්‍රප්ත විය.
රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රප්ත වන විට ඒ මහතා 47 වැනි වියේ පසුවිය.
ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු වන ඒ මහතා 2000 වසරේදී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩල සාමාජිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය. පසුව ඔහු දිනමිණ සහ රිවිර යන පුවත්පත්වල ද හිරු රූපවාහිනී නාලිකාවේ ද සේවය කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්සමියගේ සැමියා වන භක්ති මෙන්ඩිස් මහතා මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ පියාය.
ඒ මහතා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයාය.
ඒ මහතාගේ දේහය ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි නිවසේ අද (4) සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු දඩල්ල පොදු සුසාන භුමියේදී අනිද්දා (6) සඳුදා පස්වරු 5.00 ට සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd