(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නැන්දනිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

හිටපු තැපැල් ස්ථානාධිපතිනියක වූ මල්ලිකා මහත්මිය අභාවප්‍රාප්ත වන විට 92 වැනි වියෙහි පසු වූවාය.

නාමල් අබේවර්ධන මහත්මිය ඇතුළු දරුවන් තිදෙනෙකුගේ මෑණියන් වන ඉලේපෙරුම මහත්මිය අභාවප්‍රාප්ත ජෝර්ජ් වනිගරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූවාය.

දේහය  බොරැල්ල ජයරත්න මල් ශාලාවේ හෙට (14) පෙරවරු  8 සිට පස්වරු 4  දක්වා තැන්පත් කර ඇති අතර ආදාහනය බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී හෙට සවස 5:00 ට සිදු කෙරෙයි.