හොරණ ප්‍රදේශයේ ගුරුවරියක් මෙන්ම විදුහල්පතිනියක් ලෙස සේවය කළ හොරණ සමථ මූල මණ්ඩලයේ සභාපතිනිය වූ පී.ජයන්තා සමරතුංග මහත්මිය (22) අභාවප්‍රාප්ත වුවාය.

එතුමිය මිය යන විට 68 හැවිරිදි වියේ පසුවූවාය.

වසර 15 කට අධික කාලයක් හොරණ සමථ මූල මණ්ඩලයේ කටයුතු කළ ඇය විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.

ඇය බණ්ඩාරගම රේරුකාන විද්‍යාලය, වෑවිට මෛත්‍රීය මහා විද්‍යාලය, ගෝනපොළ පලන්නෝරුව මධ්‍ය විද්‍යාලය, මොරගහහේන මහා විද්‍යාලය, හොරඛ මේධංකර යන විද්‍යාලයන් හි විදුහල්පතිනිය ලෙස සේවය කරනු ලැබුවාය.

අවසන් කටයුතු අද (25) සවස 2.00 ට හොරණ ආදාහනාගාරයේ දී සිදු කිරිමට නියමිතය.