(සුජිත් හේවාජුලිගේ)

විශ්‍රාමික රියර් අද්මිරාල් මානිල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 69 වැනි වියේ පසුවිය.

වසර 35 කට වැඩි කාලයක් නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරියකුවූ මෙන්ඩිස් මහතා හිටපු අමාත්‍යවරයකුවූ යටියන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී වින්සන්ට් පෙරේරා මහතාගේ බෑනනුවන්ය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල හා සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගේ මස්සිනාය.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද (29) පෙරවරු 9.00 සිට හෙට සඳුදා (30) පස්වරු 5.00 දක්වා කොළඹ ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

අවමංගල්‍ය රථ පෙරහැර හෙට (30) පස්වරු 5.00 ට ජයරත්න මල් ශාලාවෙන් පිටත්වන අතර ආදාහනය බොරැල්ල පොදු සුසාන භූමියේ නව ආදාහනගාරයේ සිදු කෙරේ .