ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක (88) මහතා (07) වැනි දින කොළඹ පෞද්ගලික රෝහලක දි අභාවප්‍රාප්ත විය.

දියණියන් 08 දෙනකු ගේ පියකු වන සොමිපාල ටි රත්නායක මහතා මිය යන විට 88 වැනි වියේ විය.

කතරගම දේවාලයේ පාරම්පරික පැවත එන කපු පරපුර අතර රත්නායක පරපුර ,මුණසිංහ පරපුර , ආරපක්ෂ පරපුර , මේ වන විට දෙවියන් ගේ චාරිත්‍ර තේවාව සිදු කරති.

රුහුණු මහා කතරගම දේවාලයේ සිටි තිබලත් රත්නායක (හීංමහතා) ගේ හා වර්ථමාන වල්ලි අම්මා දේවාලයේ ටී.ආර්.නිමල් රත්නායක කපුමහතුන් ගේ සහෝදරය ද වේ.

සොමිපාල ටී රත්නායක කපු මහතා ගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) වැනි දින කතරගම පොදු ක්‍රීඩාංගණයේ දී සිදු කරන අතර දේහය සොමීපාල ටී රත්නායක මහතා ගේ නව කිරිවෙහෙර පාරේ නිවසේ තැම්පත් කර තිබේ .