(රෝහණ චන්ද්‍රදාස)
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.
අපවත්වනවිට උන්වහන්සේ 80 වැනි වියෙහි පසුවූහ.
රෝගාතුරව වැඩසිටි උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අපවත් වූ අතර ආදාහන පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව ප්‍රකාශ කරයි.
පොතානේ ධම්මානන්ද නාහිමියෝ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි ද කාලයක් කටයුතු කර ඇති උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශනා පැවැත්වීමෙහිලා රජරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින්තලේ සිට ත්‍රිකුණාමලය පාරේ සැතපුම් 3ක් පමණ දුරින් මහකණදරාව වැව මධ්‍යයෙන් දකුණට හැරී සැතපුමක් පමණ යනවිට උන්වහන්සේ උපන් පොතාන ගම්මානය හමුවෙයි. එවකට ගොවි පවුලක් වූ පියා සුද්දහාමී සහ මව නංහාමී ගේ දෙවන පුතා පොතානේ ධම්මානන්ද වශයෙන් පැවිදි ජීවිතයට පත්වී ආචාර්‍ය උපාධි ලබා ජ්‍යෙෂ්ඨ කඨ්කාකාචාර්‍යවරයෙකු වශයෙන් රජරට භික්ෂු විශ්ව විද්‍යාලයේ අගනා සේවයක් උපන් බිමට කර අවුරුදු 80ක් ආයු වළඳා අපවත් වූහ. උන්වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා!!!