ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු  මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්වූ ලියනගේ පුංචිනෝනා උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වූවාය.

හොරණ කොබවක ප්‍රදේශයේ පදිංචි ඒ මාතාව දරුවන් හය දෙනෙකුගේ මවකි.

අවසන් කටයුතු අද (07 දා) පස්වරු 2 ට හොරණ වරකාගොඩ පොදු සුසාන භූමියේ දී සිදුකරන බව විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ පැවසූහ.