පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයා 22 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම හරහා පෝස්ට් පළ කර තිබේ.
පිටිගල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) පිටිගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට තිබෙන ජනතා කැමැත්ත අනුව පොස්ට් පලවෙනවා. ඒවා බලෙන් නැවැත්තුවත් මිනිසුන්ගේ සිත්වල තිබෙනවා. පොලිස් රිපෝට් එකක් ඉල්ලුවාම ගෙදරට පැමිණි පොලිස්කාරය ආවේ එයාගේ මෝටර්සයිකලයෙන් කියා පැටරෝල් වියදමට කියා රුපියල් 500 ගත්තා. තව මොනවද කතා. රුපියල් 500 කට ඔහුගේ නිලයට හානියක් කරන්නට අපිට උවමනා නැත.
පොලිසියට බැන්න තරුණයා අත්අඩංගුවට. පොලිසියට ගැහුව මන්ත්‍රීට ඇප ඔහොම තමා අපේ පොලිසියේ වැඩ
ඕක මොකද්ද? මුළු රටම එකිනෙකාට බැනගන්න එකනේ කරන්නේ.
හොඳවැඩේ
පොලිසි වලින් මොන වැරදි කළත් ඒවා කියන්න එපා. හරි නැහැනෙ. ශ්‍රීලංකා පොලිසිය වැරදි කරන්නෙම නැහැ හොදේ
මොහු කල දේ හරි කියනවා නෙමේ, නමුත් සමහර මන්ත්‍රීවරු පොලිසියේ කනට ගහනකොට ,පාර්ලිමේන්තුවේ දී පුටුවෙන් ගහලා මිරිස්ගහන කොට ඔය විදියට නිතිය ක්‍රියාත්මක කරගන්න බැරිවුනා නේද, මේක තමයි අපි කියන්නේ මේ රටේ සාමාන්‍ය මිනිහටත් දේශපාලකයින්ටත් නීති දෙකක් තියනවා කියලා, එවැනි රටකට මොන අනාගතයක්ද
අපරාදේ ෆේස් බුක් එකේ ඔව්වා ලිව්වේ. පාන්දරම ගිහින් කැලෑ පත්තර ටිකක් ගැහැව්වනම් අහුවෙන්නේ නැහැ. දෙකෙන්ම වෙන්නේ ඔය වැඩේ. එහෙමත් නැතිනම් බැම්මක් උඩ නැගලා ඔය ටික කියාගෙන බැනගෙන බැනගෙන ගියානම්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කතා කිරීමේ නිදහස වගේ දේවල් උනත් භුක්තිවින්දා කියන්න තිබුනා.
දැන් මේවාට හුම් කියන පාඨක සභාවේ උදවියවත් උස්සන්න බැරි කමක් නැහැ .
සුනඛයන්ට වඩා අන්ත මිනිස්සු ඔය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා
ජනතා පරමාධිපත්‍ය ලු නීති හදන පාර්ලිමේන්තුවේ ඉන්න අයට බනින්න, විවේචනය කරන්න, මුණු පොතේ විහිලු කරන්න මඩ හන්න, ඕන දෙයක් කරන්න පුළුවන්, ඒ ....... නිතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගැන කතා කිරීමට, ජනතා පරමදිපත්යට බැහැ ලු