
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව මිලට ගත්, ඇමෙරිකාවේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා තවත් ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබේ .
කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ඔය කොහේට හරි යවයි. වැඩිම අනතුර තියෙන බස්නාහිර පළාතට චීන එන්නත දීලා අනික් පළාත් වලට හොඳ එන්නත් ඔක්කොම යවනවා. බස්නාහිර මිනිස්සුන්ට දැන් විකල්පයක් නැහැ .මේවා ගැන හොයල බැලීමක්වත් වෙන්නේ නැහැ. අනතුර වැඩිම බස්නාහිර පළාතේ ඉන්න මිනිස්සු පව්.
ස්පුට්නික් ගහපු නුවර අපි තාම බලාගෙන ඉන්නවා දෙවැනි මාත්‍රාව ගන්න