
(බිමල් ශ්‍යාමන්ම ජයසිංහ)
යටි පතුල්වල මත්ද්‍රවය සූක්ෂම ලෙස අලවා සපත්තු පැළඳ වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රවය රැගෙන යාමේ ජාවාරමක නිරත වූ බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරකරු ලියාපදිංචි අංශයේ නියාමකවරයෙකි.
මෙම සැකකරු සමග රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 54110 ක් හා හොරෙයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 8510 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර නියාමකවරයා බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීම සඳහා පැමිණීමේදී ඇතිවූ සැකයක් මත බන්ධනාගාර හදිසි ප්‍රතිචාර සහ උපක්‍රමික බලකායේ නිලධාරීන් විසින් නියාමකවරයා දැඩිව පරීක්ෂා කිරීමේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ඇතිවූ දැඩි සැකයක් මත පැලැද සිටි සපත්තු යුගල සහ මේස් යුගලද ගලවා පරික්ෂා කිරීමේදී පාද දෙකේම යටි පතුල්වලින් මත්ද්‍රවය පැකට් කර ඉතා සූක්ෂම ලෙස අලවා තිබියදී තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකාර නියාමකවරයාට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd