
(බිමල් ශයාමන් ජයසිංහ)
දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට ඉකුත් 11 වෙනිදින අලුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරු දෙදෙනකු මරා දැමීමේ සිද්ධියට අපරාධකරුවන් පැමිණි තීරෝද රථයේ වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයට ලබා දුන් අපරාද කල්ලි සාමාජිකයා සහ ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි .
එම අපරාධ කල්ලි සාමාජිකයා සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 50 ක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අදාල අපරාධයට යොදාගත් තීරුවද රථය වර්ණ වෙනස් කර ඇත්තේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ ගරාජයක බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට අනාවරණය වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිලධාරීන් යොදවා තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව 36 හැවිරිදි ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගරාජ් හිමිකරුවෙක් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම් කරුවකු වන බෝධිය වත්තේ අවිශ්ක නමැත්තාගේ සමීපතමයකු වන විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අමුදු නැමැත්තා තමන් වෙත මාස තුනකට පමණ ඉහතදී වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබා දුන් බවත් කොහුවල බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ගෝලයකු රැගෙන එන තීරෝද රථයේ වර්න, චැසි අංක සහ අංක තහඩු වෙනස් කර දෙන ලෙසත් තමන් වෙත දැනුම් දුන් බව සැකකාර ගරාජ් හිමිකරු අනාවරණය කළ බව පොලිසිය කියයි.
ඒ අනුව කොළපාටින් යුත් එම තීරෝද රථයේ වර්ණය රතුපාටට වෙනස් කර චැසි තහඩුවද වෙනස් කළ බවත් ඒ වෙනුවෙන් තමන් වෙත රුපියල් 32000 ක් මුදලින් ලබා දුන් බවත් සැකකරු අනාවරණය කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd