(අංජුල මහික වීරරත්න)

හෙද  අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව  අවසන් කළ විද්‍යාවේදී හෙද  උපාධිධාරීන්  සඳහා ස්ථිර පත්විම් ජුනි 10 දින හෝ ඊට පෙර ආසන්න දිනයක දෙන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

පත්වීම් ලබන හෙද උපාධිධාරීන් දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල්හි අවශ්‍යතාවය අනුව අනුයුක්ත කිරීම පිළිබඳව  අවධානය යොමු කරමින් සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ සාකච්ඡාව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31ක ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කරන ලද  විද්‍යාවේදී හෙද  උපාධිධාරීන් 517 දෙනෙකු හට ස්ථිර පත්විම් ලබා දීම, භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් වෙන් කරගැනීම,  රෝහල්වලට අදාළව තේරීම් ලකුණු (Choice Mark) සටහන් කිරිම මැයි 24 දින සිදුකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.