IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හොරොව්පතාන නගරය වසා දමන්නැයි ජනතාව ඉල්ලයි

පැතුම් දර්ශන

හොරොව්පොතාන නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් පිහිටි තිරප්පන්කඩවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් ඔහු නගරයේ වෙළඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබිමත් හේතුවෙන් හොරොව්පොතාන නගරය දැඩි අවදානමකට ලක්වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

එලෙස අවදානමක් පවතින නගරය දින කිහිපයකට හෝ වසා දැමීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි ඔවුහු   ප්‍රශ්න කරති‍ෙ

හොරොව්පොතාන  තිරප්පන්කඩවල නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගනු ලැබුවේ ඉකුත් 24 වන දා ය. ඒ අනුව තිරප්පන්කඩවල සහ ආසන්නයෙ පිහිටි හබගම යන ප්‍රදේශ හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර මේ වන විටත් එම ගම්මාන දෙකෙහි පුද්ගලයන් නවසිය විසිහත්(927) දෙනකු ස්වයං නිරෝධනයට ලක් කොට තිබේ

එම ගම්මාන සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගනු ලැබුවද හොරොව්පොතාන නගරය පිළිබඳව මේ වන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හමුවූ කොරොනා ආසාධිත නාවික සෙබළා සහ ‍ත්‍රිරිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් හමුවූ කොරොනා ආසාධිත නාවික සෙබලා ඉකුත් දිනවල හොරොව්පතාන නගරයේ බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ. එ අනුව නගරයේ පිහිටි ඖෂධහලක්, බස් නැවතුම්පළ, කොණ්ඩා කපන ස්ථානයක්, ඒ.ටි.එම්. යන්ත්‍රයක්, සහ මත්පැන් අළෙවි සැලක්, යන ස්ථානවල මෙම ආසාදිතයින් ගැවසී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන සෞඛ්‍ය බලධාරීන් හෙළි නොවුණු තවත් බොහෝ ස්ථාන නගරය පුරා ඇති බවටද සැක කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකදු ක්රොනා රෝගියකු වාර්තා වී නොතිබියදීත් හොරොව්පොතාන නගරය වසා දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඉකුත් දිනවල කටයුතු කළ බව පවසන ජනතාව අද වන විට මෙතරම් අවදානමක් තිබියදීත් නගරය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි වග කිවයුතු අංශවලින් වැඩිදුරටත් ප්‍රශ්න කරති.

ජනතාව සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හොරොව්පෙතාන ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ  බලපා ඇති අවදානම තේරුම්ගෙන ප්‍රරාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිස් ස්ථානය, සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව නගරය වසා දැමීම සඳහා අදාල අංශවලින් ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කොට ඇතත් මෙතෙක් ඒ සඳහා අවසර ලැබි නොමැති බවය.
 

 

 



අදහස් (1)

හොරොව්පතාන නගරය වසා දමන්නැයි ජනතාව ඉල්ලයි

WCA Wednesday, 29 April 2020 09:50 AM

කියලා තියෙන්නේ ගෙදරට වෙලා හිටපියව් රට වටේ යන්නේ නැතිව ඕක කිලෝමීටර් ගණන් ඉන්න එවන්ට බෝවෙන්නේ නැහැ. ගෙවල් වලට කව්රුත් පිටින් එන්නේ නැහැනේ. අවොත් 199 හරි පොලිසියට කෝල් කරන්න පිටින් ගෙදරට ආවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site