(ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල අඹදන්ඩේගම කලුවල දියඇල්ලේ මිතුරන් පිරිසක් සමග අද (20) පස්වරුවේ  දියනෑමට ගිය තරුණයකු දියඇල්ලේන් පහලට  ඇදවැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .

මෙසේ දියඇල්ලේ න් ඇදවැටී තුවාලලබා ඇත්තේ බණ්ඩාරවෙල බිදුනුවැව මීරියගස් හංදිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .

මොහු මිතුරන් පස්දෙනෙකු සමග අද(20) පස්වරුවේ අඹදන්ඩේගම කලුවල දිය ඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර මෙහිදී මෙම තරුණයා ලිස්සා ගොස් දියඇල්ලෙන් පහලට වැටී ඇතිබවත් පොලිසිය සදහන් කලේය .

අනතුරුව අවට වැසියන් එක්ව් මෙම තරුණයා බේරාගෙන උඩට ගෙන සුවසැරිය ගිලන් රථයක දමා දියතලාව රෝහලට ඇතුලත් කල බව පොලිසිය පැවසීය .