IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙරොයින් ජාවාරම්කරු එස් ටී එෆ් දැලේ

(යොහාන් භාසුර)

හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 240,000 ක් සමඟ පුද්ගලයෙක් කඩවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය.  

රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 70 ක්, රුපියල් 240,000 ක්, ඩිජිටල් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමඟ අදාල හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයා සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවත් පොලිසිය කීය.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පී.සී. පල්ලියගුරුගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානයට භාරදුන් බව ද පොලිසිය පැවසීය. 



අදහස් (0)

හෙරොයින් ජාවාරම්කරු එස් ටී එෆ් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site