
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ වුවත්, යම් යම් අඩුපාඩු පැවැතියත්, දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර, උදෑසන කාර්යල දුම්රිය ධාවනය සිදුවුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
‘කාර්යාල මගීන්ට ප්‍රමුඛතාව දෙමින් තමයි අද දිනයේ දුම්රිය ධාවනය සිදු කරන්න අප සැලැසුම් කළේ. හදිසි අවශ්‍යතාවක් ආවොත්, ක්‍රියාත්මක කිරීමට කළ සැලැසුමක් තමයි අප ක්‍රියාත්මක කළේ. පෙරදැනුම් දුන් පරිදි මධ්‍යම ඊයේ රාත්‍රී 12 ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වුණා. අප අපේ සැලැස්ම ක්‍රියාත්මක කළා. වගකීම බාර ගත්තා. ඒ අනුව කාර්යාල දුම්රිය සුපුරුදු පරිදි ධාවනය සිදු කරනවා.’
එහෙන්ම ඉදිරියේ දී දුම්රිය මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට, දුම්රිය නැවතුම්පොළ නවීකරණය සිදු කිරීම, වායු සමීකරණය කළ දුම්රිය මැදිරි ධාවනයට එක් කිරීමට ද පියවර ගන්නා බව පද්මප්‍රිය මහතා වැඩි දුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd