(ශාන්ත රත්නායක)
අසනීප තත්වයක් නිසා රෝහල් ගත්ව සිටින පාර්ලිමේන්තුව මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමාදාස අද 23 නවලෝක රෝහලට ගියේය.
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද එම අවස්ථාවට එක් වූහ.
පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ චණ්ඩි වගේ වොයිස් අප් කරලා සී.අයි.ඩී. එකට බයට හොස්පිටල් ඇඩ්මිට්.. හා හා හා...
වැදිච්ච පාර ගැන කියනවා වෙන්න පුලුවන්. රෝහල් ගාස්තු රජයෙන්ද? ඇඳගාවට කැමරාමන් කෙනෙකුත් දෙනවාද? මේවා අපේ දැවෙන ප්‍රශ්න...
ඔබ වැනි සටන්කාමීන් ලෙඩ වෙනවා ඇසීමත් පුදුමයට කරුණක්. මෙවන් දේ වලින් අනුකම්පාව නම් ලබාගත නොහැක...... වරප්‍රසාද වලින් සැඟවී කිසිදු හරයක් නැති ඝෝෂාවල් පමණක් නිර්මාණය කිරීමෙන් වීරයෙක් විය නොහැක.
බොරුවෙන්ම ජීවත් වෙන ජීවිත...
මෙයා ජනතා ඡන්දයෙන් තේරී පත් වුනේ නැහැ. ආවේ ලැයිස්තුවෙන්...