(අංජුල මහික වීරරත්න)
රෝහල්ගතව සිටින සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) පෙරවරුවේ එහි ගියේය.
හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ ප්‍රශ්න කිරීමට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව රුවන් විජයවර්ධන මහතා මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා හමුවේ සඳහන් කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය නීති සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර තිබෙන බවද විජයවර්ධන මහතා හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නේය.
නිදහස් අදහස් පළකිරීමේ අයිතිය පවා අහුරා දමන මෙවැනි බියගුලු ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ තමාගේ පිළිකුල පළ කරන බවද බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.
අයුක්තිය සහ අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා එක්සත් ජනතා පක්ෂය සෑම විටම අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි අසාධාරණ ක්‍රියා වලට එරෙහිව දේශපාලන භේදවලින් තොරව සියලුම ප්‍රගතිශීලී ප්‍රජාව එක්විය යුතු බවද විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්‍රශංසනීය පූර්වාදර්ශයක්...
පාස්කු ප්‍රහාරයට නම් ඔක්කොම එකමුතුයි වගේ...
අසාධාරණ ක්‍රියා වලට එරෙහිව දේශපාලන භේදවලින් තොරව සියලුම ප්‍රගතිශීලී ප්‍රජාව එක්විය යුතු බව සත්‍ය වේ. සත්‍ය අසනීපයකදී රෝහල් ගතවිමකදී මනුෂ්‍යයන් වසයෙන් ඔවුන්ගේ සුවදුක් සොයාබැලීම සාමාන්‍ය සිරිත්වේ. නමුත් හරීන් ලගේ අසීලාචාර දේශපාලනය පිලිබදව මේවන විට සමාජය ඔවුන් දෙස බලන්නේ සුබවාදීව නොවේ. හරින්ලා පමණක් නොව වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින්නාවූ ( පාර්ලිමේන්තුව තුල සහ පිටත ) ක්‍රයාවන් පිලිබදව ජනතව පැහැදීමක්ද නොමැත. . ජනතා පරමාධිපත්‍ය මගින් පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලකයන්ගේ දේශපාලකයන්ගේ පුද්ගලික හුටපට වෙන්දෙශිකරන්නාවූ ගුටිබැට හුවමරු කරන තැනක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇත. නමුත් ලංකාවේ නොහොබිනා ක්‍රියාවන් නිසා දේශපාලකයන් රෝහල් ගතවූ පසු සුවදුක් බැලීම කල හැකිවේ.
ඉංග්‍රීසි කියමනක් තිබෙනවා බර්ඩ්ස් ඔෆ් ෆෙදර් ෆ්ලොක් ටු ගෙදර් කියලා...