(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට හොර රහසේ ගිනි දැල්විය හැකි උපකරණ රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත්නා ලද පුද්ගලයකු හට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය.
මෙලෙස දඩ නියමවුයේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම මදි. මෙවැනි වරදට ආදර්ශයක් වන දඬුවමක් දිය යුතුයි.
හෝර්ටන් තැන්නට ගිනි ඇවිලෙන දේ රැගෙන ගියේ හොඳකට නම් නොවේ.. අනිවාර්යයෙන්ම කඩාකප්පල්කාරි ක්‍රියාවකට විය හැකිය.. දඬුවමට අමතරව පොලිසිය ලවා මොහුගෙන් තවත් ප්‍රශ්නකර ඔවුන්ගේ වෙනත් ගිනි තැබීම් ඇතුලු විනාශකාරී ක්‍රියාකාරකම් ගැන සොයාබලා හෙළි කර ගත යුතුයි.. එසේ නොකළේ මන්දැයි පුදුමයට කරුණකි.
පරිසරයට සිදු කිරීමට තැත්කල මේ බරපතල අපරාධයට ලබාදුන් දඬුවම කොහෙත්ම ප්‍රමාණවත් නැත.