
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර සියලු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට විවිධ පුද්ගලයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ලැබී ඇති පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
මේ අනුව බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලු දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ණ විමර්ශනයක් කෙරෙනු ඇත.
සියලු බන්ධනාගාර ප්‍රධානීන් රජයට ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තා( වත්කම් බැරකම් ප්‍රකාශ) සඳහන් දේපළවලට වඩා වැඩි දේපළක් ඔවුන් සන්තකයේ තිබේ නම් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳව ඔවුනට අධිකරණයට කරුණු දැක්වීමට සිදුවන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සොයා බැලෙන බවයි.
එසේම පාතාලය සමඟ ගනුදෙනු පවත්වන ඔවුන්ගෙන් වාසි වරදාන ලබාගන්නා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලාගෙන යන බව ඔහු සඳහන් කළේය.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඉදිරි දිනවල කෙරෙනු ඇත. ඒ යටතේ ඉහළ නිලධාරීන්ගේ පුටු මාරුවක්ද සිදුවනු ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
දීර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කළ බන්ධනාගාර අධිකාරිවරුන්ද ඉදිරියේදී මාරුකර යැවෙනු ඇත.
මේ අතර සුපිරි නිවාස සහ යානවාහන ලබාගෙන හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානීන් පහළොස් දෙනකු පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.
තවද ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමෙන් ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් ලබාගෙන ඇතැයි පැවසෙන මුදල් ඇතුළු විවිධ සන්තෝසම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, මෙතැන උදේ-හවස වැළලෙන එවුන්ගේ වත්කමුත් හොයන්න ඕනෑ...
දයාසිරිට සහ ගම්මන්පිලට කියලා කරන දෙයක් කරන්න. නැත්නම් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා වැළලෙන්න හදනවා...
මුදලට මුස්ලිම් ආගම නාමිකව වැළඳගත් සිංහල නිලධාරීන් කිහිප දෙනෙක් ප්‍රධාන බන්ධනාගාරවල ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි කුඩු රජවරුන්ගේ අය බන්ධනාගාරයට ආපුවාම ඔවුන්ව ආරක්ෂා කිරීමත් අනිත් අය ආපුවාම මරන්න ක්‍රම සැදීම සහ වස වැනි ද්‍රව්‍ය කෑමට කලවම් කර දීම වගේ කොන්ත්‍රාත් කිරීමයි. මේ වගේ අයට යක්‍ෂ වරම් වගේ ඒවා තියෙනවා. ටිකක් හොයන්න ඕනෑ ඒ වගේ අය ගැන...
උන්දැලා තමන්ගේ නමින් ගිණුම්වල දමාවිද? බොහෝවිට දේශපාලුවන් කරනවා වගේ හිතවතුන්ගේ හා නෑයින්ගේ සමහරවිට, බිරිඳගේ අම්මගේ අප්පගේ ගිණුමට බැරකරලාත් තියෙන්න බැරිද?