
(ගයාන් සූරියආරච්චි)
ව්‍යාජ අංක තහඩුවක් යතුරුපැදියකට සවි කර තවත් යතුරුපැදියකට හුවමරු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පවසයි.
මෙම යතුරුපැදිය යොදාගනිමින් කිසියම් අපරාධයක් සිදුව ඇත්ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය, මැදමුලන ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු සහ දංකොටුව පොලිසියේ කොස්තාපල්වරයෙකි.
කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් වලස්මුල්ල, කූඩ කඩය, ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් දමාගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් එම යතුරුපැදි පොලිස් ස්ථානයට රැගෙන විත් සිදුකළ විමර්ශනවලදී එක් යතුරුපැදියක් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බව සනාථවීමෙන් අනතුරුව එම යතුරුපැදියේ අයිතිකරු ලෙස මැදමුලන ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබදව පොලිසියට අනාවරණය වී තිබුණි.
අනතුරුව එම පුද්ගලයා පොලිසිය වෙත රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම්වලදී එම යතුරුපැදිය පොලිස් නිලධාරියකුගෙන් ලබාගෙන ඇති බවත් එසේ ලබාගැනීමේදී ඔහු සතුව තිබූ වෙනත් යතුරපැදියක් හුවමාරැ කරගෙන තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව දංකොටුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වැඩිදුර කළ විමර්ශනවලදී එම පොලිස් නිලධාරියා විසින් ව්‍යාජ අංක තහඩුවක් මිලදී ගෙන යතුරුපැදියට සවිකර හුවමාරු කරගෙන ඇති බව හෙලිවී ඇත.
අනතුරුව දංකොටුව පොලිසියේ කොස්තාපල්වරයා සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොර යතුරු පැදි මාරු කළ PC ඇතුළු දෙකක් මාට්ටු