
(යොහාන් භාසුර)
කොළඹ 15, මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි.
මත්ලෝලීන් බහුලව භාවිතයට ගන්නා ප්‍රබල වේදනා නාශක කරල් අදාළ පුද්ගලයා නිෂ්පාදනය කර ඇති බවත් ඉන්දියාවේ ඖෂධ වෙළඳ නාමයන්ට සමාන වන ලෙස මොහු ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අධිකාරියේ අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ අංශයේ ප්‍රධානී ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සහ ජේෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද කුමාරසිරි යන මහත්වරු මහත්තුරු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියා වලට වඩා මේක හොඩයි . මෙයාට අවශ්‍ය සහය දීල , උදවු කරන්න. මෙකක්ද වරද . ගොන් පාට්