
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් (Mr. D.M. Salahuddin Mahmud) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වත්මන් ක්‍රියාකාරීත්වය, අනාගත සැලසුම් සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේ සූදානම පිළිබඳව ද කරුණු සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සේවයට එක්වීමට පෙර ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා (DCM) සහ භාරකාර නිලධාරියා (Charge d'Affaires) ලෙස කටයුතු කළ පළපුරුදු රාජ්යතාන්ත්රිකයෙකි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මීට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd